උප්පැන්න ලියාපදිංචිය සඳහා නව සංශෝධන (සිංහල)

Registration of Birth / Deaths 

FRA 006 Applications for registration of Birth and Citizenship certificates View Instructions

FRA 007 Applications for Reg. Deaths/Repatriation of Human Remains/Ashes View Instructions

 

ශ්‍රී ලාංකික දෙමව්පියන්ට විදේශ රටකදී උපදින දරුවෙකුගේ උපත හා පුරවැසි බව ලියාපදිංචි කිරීම සඳහා අවශ්‍ය උපදෙස් හා ලියකියවිලි පිරික්සුම් ලැයිස්තුව

ඉංග්‍රීසි කැපිටල් අකුරින් නිවැරදිව සම්පූර්ණ කරන ලද අයදුම් පත්‍රය සමග අයදුම් කරු (මව හෝ පියා) වෙනත් රටක පුරවැසි බව ලබා නොමැති බවට කරනු ලබන ප්‍රකාශය. (අයදුම්පත www.srilankaembassy.fr  වෙබ් අඩවියෙන් හෝ තානාපති කාර්යාලයෙන් ලබාගත හැක)

·         ඉංග්‍රීසි කැපිටල් අකුරින් සම්පූර්ණ කරන ලද, දරුවාගේ උපත පිලිබඳ දෙමව්පියන් විසින් කරනු ලබන ප්‍රකාශය.

(දරුවා ඉපදී තුන්මසක්  ඇතුළත නම් - ‘16 වන වගන්තියද

දරුවා ඉපදී තුන්මසකට වඩා වැඩි නම් - 24 වන වගන්තියද භාවිතා කරන්න)

ඉහත ලිපි ලේඛන සමග පහත සඳහන් ලිපි ලේඛනද ඉදිරිපත් කල යුතුය    

(අයදුම්පත වසරක් ඇතුලත ඉදිරිපත් කරන්නේ නම් සියලුම ලියකියවිලි වල ඡායා පිටපත් කට්ටල එකක් (01), වසරකට වැඩි කාලයක් නම් සියලුම ලියකියවිලි වල ඡායා පිටපත් කට්ටල දෙකක් (02) බාර දිය යුතුය.)

ප්‍රංශ/ ස්පාඤ්ඤ / පෘතුගීසි රජයන් මගින් නිකුත්  කරනු ලබන උප්පැන්න සහතිකයේ මුල් පිටපත, එහි නිවැරදි ඉංග්‍රීසි පරිවර්තනය සහ ඡායා පිටපත්

දෙමව්පියන්ගේ ශ්‍රී ලාංකික උප්පැන්න සහතිකවල මුල් පිටපත් සහ ඡායා පිටපත්. (ඉංග්‍රීසි පරිවර්තන බාරගනු නොලැබේ)

මව හෝ පියා වෙනත් රටක ජාතිකත්වයක් දරයි නම්, එම රට මගින් මවට හෝ පියාට නිකුත් කරන ලද උප්පැන්න සහතිකයේ මුල් පිටපත හා එහි ඉංග්‍රීසි පරිවර්තනය

 

3.    දෙමව්පියන්ගේ විවාහ සහතිකය (මුල් පිටපත සහ ඡායා පිටපත)

a.     දෙමව්පියන් ලංකාවේදී විවාහ වී ඇති නම් නිසි බලධාරියා විසින් නිකුත් කරන විවාහ සහතිකය. (ඉංග්‍රීසි පරිවර්තන බාරගනු නොලැබේ)

b.     දෙමව්පියන් විදේශයකදී විවාහ වී ඇති නම්, එම රට මගින් නිකුත් කරන ලද විවාහ සහතිකයේ මුල් පිටපත සමග එහි ඉංගීසි පරිවර්තනය. මුල් පිටපත අදාල රටේ තානාපති කාර්යාලයෙන් සහතික කරවාගෙන තිබිය යුතුය.

4.    දෙමව්පියන් අවිවාහක නම් පිය විසින් දරුවාගේ පීතෘත්වය භාරගන්න බවට කරනු ලබන ප්‍රකාශය. ඉහත සඳහන් 16/24 වගන්ති ප්‍රකාශ වල අංක 10 කොටස මව හා පියා විසින් තානාපති කාර්යාලයේ අදාළ නිලධාරියා ඉදිරිපිට අත්සන් කළ යුතුය.

5.    දරුවා උපදින අවස්ථාවේ දෙමව්පියන්ගේ වලංගු ගමන් බලපත් සහ නේවාසික බලපත්‍ර සහ ඡායා පිටපත්

6.    අයදුම්පත බාර දෙන අවස්ථාවේ දෙමව්පියන්ගේ වලංගු ගමන් බලපත් සහ නේවාසික බලපත්‍ර සහ ඡායා පිටපත්

7.    දරුවා උපදින අවස්ථාවේදී  ප්‍රධාන අයදුම්කරු හට වලංගු නේවාසික බලපත්‍රයක් නොතිබුණි නම්, දරුවා උපදින අවස්ථාවේ ඔහු හෝ ඇයගේ වලංගු ගමන් බලපත්‍රයේ පිටපතක් සමග එම අවස්ථාවේදී වෙනත් රටක පුරවැසිබවක් ලබාගෙන නොමැති බවට කරනු ලබන දිවුරුම් ප්‍රකාශක් ඉහත අංක 6හි සඳහන් ලියකියවිලි සමග බාර දිය යුතුය.

8.    දරුවා උපදින අවස්ථාවේදී  ප්‍රධාන අයදුම්කරු ශ්‍රී ලාංකික වූ අතර ඉන් අනතුරුව විදේශ ජාතිකත්වය ලබා ඇති නම්, එම රට මගින් නිකුත් කරන ලද පුරවැසි සහතිකයේ (Naturalization Certificate) මුල්පිටපත සමග එහි ඉංග්‍රීසි පරිවර්තනය ඉදිරිපත් කල යුතුය.

9.    අයදුම්කරු (මව හෝ පියා) ශ්‍රී ලංකාවෙන් පිටත උපත ලද අයෙක් නම්, ඔහුගේ හෝ ඇයගේ ශ්‍රී ලංකික උප්පැන්න සහතිකය හා පුරවැසි සහතිකයේ මුල් පිටපත් සහ  ඡායා පිටපත් (විදේශ රටක උප්පැන්න සහතික බාර ගනු නොලැබේ)

10.  ප්‍රධාන අයදුම්කරු ද්විත්ව පුරවැසිභාවය ලබා තිබේ නම්, ඔහුගේ හෝ ඇයගේ ද්විත්ව පුරවැසි සහතිකයේ මුල් පිටපත් සහ  ඡායා පිටපත්.

11.  දරුවා ඉපදී මාස  තුනක් ඇතුලත උපත ලියාපදිංචි කිරීමට නොහැකි වුයේනම් ප්‍රමාදවීම්ට හේතු දක්වමින් අයදුම්කරු විසින් කරනු ලබන ප්‍රකාශය.

12.  ස්පාඤ්ඤයේ හෝ පෘතුගාලයේ සිට අයදුම්පත් ඉදිරිපත් කරනවිට මුල් පිටපත් ඉදිරිපත් කල නොහැකි නම් අදාල පිටපත් ( දෙක හෝ තුන) මුල් පිටපතෙහි සත්‍ය පිටපත් බවට රජය පිළිගත් ආයතනයකින් රබර් මුද්‍රාව සහිතව සහතික කරවාගෙන ඉදිරිපත් කල යුතු. තවද, අයදුම්කරු අදාළ නිලධාරියා ඉදිරිපිට අයදුම්පතේ  සියලු අදාළ ස්ථානවල තම අත්සන තැබිය යුතු අතර, එම නිලධාරියා විසින් එය ප්‍රති අත්සන් කළ යුතුය.

ගාස්තු :

උප්පැන්න සහ පුරවැසි ලියාපදිංචි කිරීම සඳහා වූ ගාස්තුව € 87වන අතර මීට අමතරව ප්‍රමාද වන වසරක් පාසා € 8 බැගින්  එක්වසරකට අය කරනු ඇත.

අවධානය:

අයදුම්කරුගේ අත්සන ඔහුගේ/ඇයගේ ගමන් බලපත්‍රයේ සඳහන් ආකාරයට විය යුතුයි. ඉහත

අයදුම්පත බාර දෙන අවස්ථාවට අයදුම්කරුවන් පමණක් සහභාගී වීම ප්‍රමාණවත් වේ. 

දහවල් 12 .00 පෙර අදාළ කවුන්ටරය වෙත සම්පූර්ණ කරන ලද අයදුම්පත් බාර දිය යුතුවේ.