ශ්‍රී ලංකාවේ සංචාරක ව්‍යාපාරය

ඉන්දියන් සාගරයේ මුතු ඇටය ලෙසින් විරුදාවලිය ලත් ශ්‍රී ලංකාව ඈත අතීතයේ පටන්ම විදේශිකයකයන්ගේ ආකර්ෂණයට ලක්වූ දිවයිනකි. ග්‍රිසිය, මැද පෙරදිග,පෘතුගාලය,ඕලන්දය,එංගලන්තය ආදී රටවලින් අතීතයේ පටන්විදේශිකයන් ලංකාවට පැමිණි බවට සාක්ෂි එමටය. අපේ පුංචි ලක්දිව ස්වාභාව සෞන්දර්යෙන් අනූන වීම මතුනොව, ආර්ථික,සංස්කෘතික හා දේශපාලනමය වටිනාකමින් යුක්ත වීමද මෙසේ විදේශිකයන්ගේ පැමිණීමට හේතු වී තිබේ. විදේශිකයන්ගේ ලංකාගමනය නූතන ව්‍යාපාරයක් බවට පත්ව තිබේ. එහෙත් සංචාරකයා යන හැදින්වීම අර්ථ දක්වන විට පෙනී යන්නේ ශ්‍රී ලංකාවට පැමිණෙන සෑම විදේශිකයෙක්ම සංචාරකයකු නොවන බවයි. දේශගුණික අපහසුතාව ආධ්‍යාත්මික සුවය හා සරල ඡීවිතය ස්වාභාව සෞන්දර්යෙන් ලබන වින්දනය,විවේකය,ඓතිහාසික, වටිනාකම අදී කරුණු අගය කරමින් ලංකාවට පැමිණෙන විදේශිකයන් සංචාරකයන් වශයෙන් හැදින්විය හැකිය. ශ්‍රී ලංකාව මතු නොව නූතනයේ සංවර්ධනය වෙමින් පවත්නා රටවල් රාශියක් සංචාරක ව්‍යාපාරයෙන් විදේශ විනිමය විශාල ප්‍රමාණයක් ස්වකීය රටවල් කරා අද්දවා ගනී.


ඉන්දියන් සාගරයේ මුතු ඇටය ලෙසින් විරුදාවලිය ලත් ශ්‍රී ලංකාව ඈත අතීතයේ පටන්ම විදේශිකයකයන්ගේ ආකර්ෂණයට ලක්වූ දිවයිනකි. ග්‍රිසිය, මැද පෙරදිග,පෘතුගාලය,ඕලන්දය,එංගලන්තය ආදී රටවලින් අතීතයේ පටන්විදේශිකයන් ලංකාවට පැමිණි බවට සාක්ෂි එමටය. අපේ පුංචි ලක්දිව ස්වාභාව සෞන්දර්යෙන් අනූන වීම මතුනොව, ආර්ථික,සංස්කෘතික හා දේශපාලනමය වටිනාකමින් යුක්ත වීමද මෙසේ විදේශිකයන්ගේ පැමිණීමට හේතු වී තිබේ. විදේශිකයන්ගේ ලංකාගමනය නූතන ව්‍යාපාරයක් බවට පත්ව තිබේ. එහෙත් සංචාරකයා යන හැදින්වීම අර්ථ දක්වන විට පෙනී යන්නේ ශ්‍රී ලංකාවට පැමිණෙන සෑම විදේශිකයෙක්ම සංචාරකයකු නොවන බවයි. දේශගුණික අපහසුතාව ආධ්‍යාත්මික සුවය හා සරල ඡීවිතය ස්වාභාව සෞන්දර්යෙන් ලබන වින්දනය,විවේකය,ඓතිහාසික, වටිනාකම අදී කරුණු අගය කරමින් ලංකාවට පැමිණෙන විදේශිකයන් සංචාරකයන් වශයෙන් හැදින්විය හැකිය. ශ්‍රී ලංකාව මතු නොව නූතනයේ සංවර්ධනය වෙමින් පවත්නා රටවල් රාශියක් සංචාරක ව්‍යාපාරයෙන් විදේශ විනිමය විශාල ප්‍රමාණයක් ස්වකීය රටවල් කරා අද්දවා ගනී.

සංචාරක කර්මාන්තයේ වර්ධනය

 
විනෝදය පිණිස පැමිණි සංචාරකයින් පිරිසක්

ශ්‍රී ලංකාවේ සංචාරක කටයුත්ත කර්මාන්තයක් වශයෙන් වැඩී වර්ධනය වන්නට පටන් ගත්තේ 1960 දශකයේ සිටය. ඉන් පසු එළඹි දශක කීපය තුළ විටෙන අඩාළ වෙමින්ද විටෙක වර්ධනය වෙමින්ද පැවති එය නූතනයේ අපේ ආර්ථිකයට අඩුවැඩි තරමින් බලපෑම් කරන්නට සමත් වී ඇත.1963 දී රුපියල් දශ ලක්ෂ 6ක පමණ අදායමක් ලබා ගත් අතර 1969 දී එය රුපියල් දශ ලක්ෂ 17 දක්වා වර්ධනය වී තිබිණි.1977 න් පසුව ශ්‍රී ලංකා ආර්ථිකයේ සිදු වූ විවෘත භාවය සංචාරක ව්‍යාපාරයෙහි දියුණුවට බෙහෙවින් ඉවහල් විය.විවෘත ආර්ථිකය, විදේශීය ආයෝඡකයන්ට ඉවහල් විය. විවෘත ආර්ථිකය,විදේශීය,ආයෝඡකයින්ට ඉඩ ප්‍රස්ථා සැලසීම, විනිමය සීමා කිරීම,වැනි නව ආර්ථික ප්‍රතිපත්ති සංචාරක ව්‍යාපාර විෂයෙහි මහත් බලපෑම් ඇති කිරීමට සමත් විය. 1980 දී ලංකාවට සංචාරකයින් 321,780ත් පැමිණි අතර එම වසරේ විදේශ විනිමය ඉපයුම රුපියල් දශ ලක්‍ෂ 1830කි. 1981 දී මෙය 39% කින් වැඩි වී තිබිණි. 1992 දී ශ්‍රී ලංකාව සංචාරක ව්‍යාපාරයෙන් ඉපයුම දශ ලක්‍ෂ 18500 විය.ගත වූ දශකයක පමණ කාලය තුළ ශ්‍රී ලංකාවට පැමිණි සංචාරකයන්ගේ වැඩි පිරිසක් බටහිර යුරෝපා රටවලට අයත්ය.

    • ඡර්මනිය
    • ප්‍රංශය
    • එක්සත් රාඡධානිය
    • ඉතාලිය
    • ඇමරිකා එක්සත්ඡනපදය
    • ඡපානය
    • ඉන්දියාව
    • නෙදර්ලන්තය

යන රටවලින් විශාල වශයෙන් සංචාරකයෝ ලංකකාවට ඇදී ආහ. විනෝදය ව්‍යාපාරික කටයුතු, සාකච්ඡා සම්මේලන, නෑදෑ හිත මිතුරන් හමුවීම ආදී හේතූන් මත මෙම සංචාරකයෝ ලංකාවට පැමිණෙති. ශ්‍රී ලංකාවේ දර්ශනීය මුහුදු වෙරළ, මධ්‍ය කඳු කරය,ඓතිහාසික නටඹුන්, ආගමික හා සංස්කෘතික ස්ථාන, ප්‍රණීත ආහාරපාන මතු නොව ලාංකිකයන්ගේ ආචාරශීලී භාවයද සංචාරකයන්ගේ සිත් ඇඳ බැඳ තබා ගැනීමෙහි සමත් වී ඇති බව පෙනේ.

ශ්‍රී ලංකාවේ සංචාරක ව්‍යාපාරයෙන් ඉපයූ විදේශ විනිමය

වර්ෂය විදේශ විනිමය
1963 රු.10,000006
1969 රු.10,000017
1980 රු.10,001830
1992 රු.10,018500

සංචාරක කර්මාන්තයෙන් වූ යහපත

සංචාරක ව්‍යාපාරයේ වර්ධනයත් සමඟ ඒ ආශිත නොයෙකුත් කර්මාන්ත දියුණු වූ බව පනේ. සංචාරක ව්‍යාපාරය සෘඡුව මෙන්ම වක්‍රාකාරවද රුකියා වියුක්තිය අඩු කිරිමට යම් තරමකින් හෝ හේතු වූ බව කිව හැක.

    • හෝටල් නවාතැන්
    • සංචාරක රථ
    • විනෝද ශාලා
    • සංචාරක කාර්යාල ආදියෙහි ලාංකිකයන්ට සෘඡුවම රුකියා සැපයිණි. බතික් ඇඳුම්, විසුතුරු බඩු නිෂ්ෂාදනය, රන් රිදී පිත්තල බඩු ලී කැටයම් හා කුඩා ආපන ශාලා මඟින් අතිරේක ආදායම් මාර්ගයක් ලබා ගැනීමට ලාංකිකයන්ට ඉඩ සැලසිණි.1980 ඇති වූ අරගලකාරී තත්වයන් මත සංචාරකයන්ගේ පැමිණීම අඩු වූ අතර විශාල පිරිසකට රුකියා අහිමි වන තත්වයක්ද උද්ගත විය. මෑත කලීනවද මේ තත්වය තවත් බරපතල වී තිබේ.කෙසේ නමුත්මෑත කාලයේ ආරක්ෂාව පිළිබඳ බිය සංචාරකයින් මෙරටට නොපැමිණීමට ප්‍රධාන හේතුව වී තිබේ.

සංචාරක ව්‍යාපාරයේම කොටසක් ලෙස නාගරික සංවර්ධන කටයුතුද පුළුල් වී ඇති බව පෙනේ. නගර පිරිසිඳුවටත් අලංකාර ලෙසත් තබා ගැනීම ඉතා වැදගත් වේ. නිර්මාණත්මක ලෙස නගර ඉදිකිරිම, මාර්ග හා ගුවන් තොටුපළ පුළුල් කිරිම,වෙරළ බඩ දර්ශනීය ස්ථාන ආරක්ෂා කිරීම, සංචාරක ව්‍යාපාරයේම අතුරු ප්‍රතිඵල ලෙස හැඳින්විය හැක.සංචාරක ව්‍යාපාරයේ අතුරු ප්‍රතිඵල ලෙස අපේ සාම්ප්‍රදායික කලා මාධ්‍යන්ද දියුණුවට පත් වී ඇත.උඩරට පහත රට, බලිතොවිල්, වෙස් මුහුණු ආදී කලාවන්ගේ නවතාවයක් ඇති වූ බව පෙනේ.

සංචාරක කර්මාන්තයේ අයහපත් ප්‍රතිඵල

සංචාරක ව්‍යාපාරය වැඩි වැඩියෙන් විදේශ විනිමය උපයන කර්මාන්තයක් වශයෙන් මතු පිටින් පෙනුනද නොදැනුවත්වම වාගේ එය අපේ ඡන ඡීවිතයට කර ඇති හානිය අමතක නොකළ යුතුය. වසර දහස් ගණන් තිස්සේ ලෝකයා ඉදිරියේ බහු මානයට ප්‍රාත්‍ර වූ අපේ සංස්කෘතිය නවීකරණය වන්නට යම් තරමකින් හෝ සංචාරක ව්‍යාපාරයද හේතු විය. එම නවීකරණය යහපත් එකක් බව නොපෙනේ. "ඡපානයේ මුඳ්‍රිත ලංකාව පිළිබඳ සංචාරක අත් පොතක" ලාංකිකයන්ගෙන් ආරක්ෂා විය යුතු බවට අනතුරු අඟවා තිබේ. මෙය අවාසනාවන්ත තත්වයකි.

අපේ සංස්කෘතිය කෙරෙහි වැඩි වශයෙන් බලපෑම් ඇති කරනුයේ සාමාන්‍ය සංචාරකයන් වශයෙන් පැමිණෙන "හිපියන්"ය. මත් ද්‍රව්‍ය භාවිතය නූතනයේ අපේ තරුණ පරපුර බිලි ගන්නා පිළිලයක් වී ඇත. ගණිකා වෘත්තිය ද වර්ධනය වී ඇති බව පෙනේ. කොළඹ,මහනුවර,හික්කඩුව, බෙන්තොට, මීගමුව වැනි ප්‍රදේශ වල ඇතැම් කාන්තාවන් පමණක් නොව කුඩා ළමුන්ද ගණිකා වෘත්තියට යොමු වී ඇති බව සොයාගෙන ඇත. අසංවර හිපියන් අපේ වෙහෙර විහාර හා සිද්ධස්ථාන වල හැසිරෙන ආකාරය අපේ ශිෂ්ඨත්වයට තර්ඡනයකි.‍ සීඝ්‍රයෙන් පැතිර යන සමාඡ රෝගයන්ට හේතුව මෙකී සංචාරකයන්ගේ ක්‍රියා කලාපයයි. කෙසේ නමුත් පසුගිය දශක කීපය තුළ සංචාරක ව්‍යාපාරයේ වර්ධනය සඳහා රාඡ්‍ය මට්ටමින් පියවර රාශියක් ගෙන ඇති බව පෙනේ. මෙහි මූලාරම්භය වූයේ 1966 ලංකා සංචාරක මණ්ඩල පනත හා ලංකා හෝටල් සංස්ථා පනතයි.

ඇතැම් වියතුන් පෙන්වා දෙන අයුරු ශ්‍රී ලංකාවේ සංචාරක ව්‍යාපාර විෂයෙහි ආයෝඡනය කරන මුදලට සරිලන ආදායමක් ඉන් නොලබේ. හෝටල් නඩත්තුව හා සුඛෝපභෝගී කටයුතු සඳහා විශාල මුදලක් වැය කළ යුතුය. එපමණක්ද නොව සංචාරකයන් නිසා අපේ සභ්‍යත්වය, සදාචාරය, හා සාරධර්මයන්ට සිදු වන හානිය මිල කළ නොහැකිය.ශ්‍රී ලංකාවේ සංචාරක ව්‍යාපාරය පිළිබඳව තුලනාත්මන විග්‍රහයක යෙදෙන කල්හි පෙනී යන්නේ එහි ප්‍රතිඵල වලක්වා ගැනීමට නව පියවර රාශියක් ගත යුතු බවයි.